විගමණික පවුල්වල ප්‍රශ්න විසඳන්න කාර්යාංශය කැබිතිගොල්ලෑවට යයි

විගමණික පවුල්වල ප්‍රශ්න විසඳන්න කාර්යාංශය කැබිතිගොල්ලෑවට යයි

රැකියා සඳහා විදේශ ගතවූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය සහාය හා නීති උපදෙස් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (2023.09.13) දින පවත්වන ලදී.

මෙහිදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබාදුන් අතර, එහිදී විසඳීමට අපහසු ඇතැම් ගැටළු ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමටද කටයුතු කරන ලදී. ‍

මෙම වැඩසටහන සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ රොහාන් විජේසේන, කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්.සුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.