අනුරාධපුර විගමණික ප්‍රජාවට නීති සහාය ලබාදීමට කාර්යාංශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අනුරාධපුර විගමණික ප්‍රජාවට නීති සහාය ලබාදීමට කාර්යාංශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

රැකියා සඳහා විදේශ ගතවූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය සහාය හා නීති උපදෙස් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (2023.09.12) පැවැත්විණි.

මෙහිදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබාදුන් අතර, ඇතැම් ගැටළු ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමටද කටයුතු කරන ලදී.

Safe Foundation ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා ආරක්ෂාව හා ළමා පෞරුෂ වර්ධන වැඩසටහනක්ද පවත්වන ලදී. විදේශ ගතවු දෙමාපියන්ගේ දරුවන් උදෙසා චිත්‍ර තරගයක්ද මෙහිදී පැවැත්වුණු අතර, සහභාගි වූ දරුවන් හට වටිනා ත්‍යාගද පිරිනැමීමට කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) ඩබ්.එස්.පී. වික්‍රමාරච්චි, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ රොහාන් විජේසේන, Safe Foundation ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු ජනක් සංජීව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම වැඩසටහනේ දෙවන අදියර (2023.09.13) දින උදෑසන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන අතර, එහිදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබාගැනීමට අවස්ථාව සැලසේ.