ඔක්තෝබර් මස පළමු වැනි දින අපි ලෝක ළමා දිනය මෙන් ම ලෝක වැඩිහිටි දිනය සමරන අතර ඔක්තෝබර් 5 වැනි දින ලෝක ගුරු දිනය සමරමු. සංක්‍රමණික පවුල්වල දරුවන් වන අපි මෙම සංදේශය තුළින් අපගේ අදහස් මෙසේ ප්‍රකාශ කර සිටිමු. අපට උරුම ආදරය, සෙනෙහස, රැකවරණය සහ ආරක්ෂාව අපි පරිත්‍යාග කර ඇත්තේ අපගේ පවුල් වෙනුවෙන් පමණක් නොව මුළු දේශය ම වෙනුවෙනි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ විදේශයන් හි සිටින අපගේ පියවරු, මව්වරු, සහෝදරයන් සහ සහෝදරියන් එවන ප්‍රේෂනවලිනි. අපගේ පවුල්වල සතුට සැනසුම අප වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් කැපකරන මා පියවරුන්ගේ දරුවන් වීම පිළිබඳව අපි ආඩම්බර වනවා මෙන් ම සතුටට ද පත් වෙමු. ගෞරවය සහ පිළිගැනීම ඔවුනට උරුම විය යුතු ය. දෙමාපියන් පිළිබඳ සඳහන් කරන විට අපි අපගේ පවුල්වල ජ්‍යෙෂ්ට පුරවැසියන් අමතක නොකරමු. අපගේ බොහෝ පවුල්වල දරු මුණුබුරන්ගේ රැකවරණය හා ආරක්ෂාව උරුම විය යුතු ආච්චිලා සහ සීයලා ඔවුන්ගේ ජීවිතය අපව රැක බලා ගැනීමට කැප කරමින් සිටිති.අවාසනාවකට මෙන් කිසිවෙක් පවුල වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් වක්‍රාකාරව ඔවුන්ගේ මෙම මහඟු කැපවීම අගයන්නේ හෝ පිළිගැනීමට ලක් කරන්නේ හෝ නැත. සංත්‍රමණික පවුල්වල දරුවන් වශයෙන්
අපි රජයෙන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සහ සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ,
ගුරු බවතුන්ට
පාසල අපගේ දෙවන නිවස වන අතර අපගේ ගුරු බවතුන්ට අපි සලකන්නේ අපේ දෙමව්පියන්ට පසුව සිටින පියවරුන් සහ මව්වරුන් ලෙසිනි. අපගේ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රේෂණ මගින් සෘජුව සහ වක්‍රව සියලුම දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍රමයට උපකාර කරයි.එබැවින් අපි අපගේ ගුරු බවතුන්ගෙන් උපකාර ඉල්ලා සිටින්නේ .
ප්‍රජාව සහ ආගමික නායකවරුනි,
මෙරට සෑම පුරවැසියෙක් මෙන් ම සියලු ආගමික ආයතන අපේ තාත්තලාගේ සහ අම්මලාගේ ප්‍රේෂණවලින් ප්‍රතිලාභ ලබති.
අපට සුරක්ෂිත යැයි හැඟෙන පරිසරයක් නිර්මාණය කර දීමට ඔබට හැකි ය.
සංක්‍රමණය වී සිටින පියවරුනි, මව්වරුනි, සහෝදරවරුනි, සහෝදරියනි
අපි ඔබ ගැන සාඩම්බර වෙමු. ඔබ අපේ ආර්ථිකයෙහි ජීවනාලියි. මෙරට තුළ අපගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කරුණාකර නිසි ක්‍රමවේදය අනුගමනය කොට ඔබගේ ප්‍රේෂණ නිවැරිදි ලෙස එවන්න.
ප්‍රවේශමෙන් සිටින්න. විගස අප වෙත පැමිණෙන්න.
සංක්‍රමණික හඬ සාමූහිකය (වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස්)
