මිනිස් ජාවාරමක නිරතව සිටි චීන ජාතිකයා දැලේ

මිනිස් ජාවාරමක නිරතව සිටි චීන ජාතිකයා දැලේ
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාමක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙ‌ෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (59) හැවිරිදි චීන ජාතිකයෙකි.
 

ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්තයේ පරිගණක දත්ත ඇතුළත් කරන්නන් සහ පාරිභෝගික සේවා ආයතන හි රැකියා ලබාදෙන බවට පවසා සැකකරු ඔවුන් ගෙන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන  මෙම  මිනිස් ජාවාරම සිදුකර ඇති බවට. ලද තොරතුරකට අනුව විමර්ශන පවත්වා සැකකරු ඊයේ (10) අඩංගුවට ගෙන තිබේ.