ජෝර්දානයෙන් ඊ්‍ශ්‍රායලයට පනින්න හැදූ ලාංකිකයින් කොටුවෙයි

ජෝර්දානයෙන් ඊ්‍ශ්‍රායලයට පනින්න හැදූ ලාංකිකයින් කොටුවෙයි

නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවීමේදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා යළි ජෝදානයට යවන බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 

දේශසීමා හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුලුවීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පෙරේදායී.

ඒ, ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසිනි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ 50 හැවිරිදි හා 44 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ඔවුන් ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුලුවීම හේතුවෙන් නැවත ජෝදානයට යවන කරන බව, නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ය . 

ඔහු පැවසුවේ අදාළ කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු පිළිබඳව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කටයුතු කරන බවයි.