දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඳාන - නාගොඩ පදිංචිකාරිනියකි.

සැකකාර කාන්තාවට එරෙහිව පැමිණිලි 15ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට ලැබී ඇති බව වාර්තා වේ.

සැකකාරිය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ලබා ගෙන ඇති බව ද හෙළිදරව් වී තිබේ. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සැකකාරිය සමඟ සුක්ෂ්ම ලෙස දුරකථන සම්බන්ධතා පවත්වා, අනතුරුව ඇය කාර්යාංශය වෙත කැඳවා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දීම සඳහා අවසර ලබා දී ඇත්තේ, රැකියා නියෝජිත ආයතන කිහිපයකට පමණක් බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවට එවැනි බලපත්‍රයක් නිකුත් කර තිබී නැති බව විදේශ සේවා නියුක්ති කා‍ර්‍යාංශය අවධාරණය කරයි.

සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.