කෘෂි ක්ෂේත්‍රයේ රට රැකියාවට යන අයට අක්කර දෙකක්

කෘෂි ක්ෂේත්‍රයේ රට රැකියාවට යන අයට අක්කර දෙකක්

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායකකරගැනීමට මෙම ඉඩම් ලබාදීම තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා මෙම වැඩසහන මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාළ නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවක් බවත් අවධාරණය කළේය.