ඉසුරු සොයා එතෙර ගිය ලක් කත ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් මරුට

ඉසුරු සොයා එතෙර ගිය ලක් කත ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් මරුට

සෞදියේ රියාද් හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ පෙර විදෙස් ගත වූ මැදිරිගිරිය දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මිය ගොස් ඇති බවට දැනුම් දී ඇතැයි ඇගේ ඥතීහු කියති.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි පී. දිල්මි මධුභාෂිණි කුමාරි නමැති 26 හැවිරිදි දෙදරු මවකි.

පවුලේ ඇති දැඩි ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහා මීට මාස හයකට පමණ පෙර මෙම කාන්තාව ගෘහ සේවයට ගොස් ඇත.

ඇය විදෙස් ගතව දින කීපයකට පසු සිය ඥාතීන්ට දුරකතන ඇමතැමක් දී පවසා ඇත්තේ තමන් සේවය කරන නිවෙසේ සිටින රියදුරා කරදර කරන බවයි. ඇයට ලිංගික අඩම් තේට්ටම් කිරිමට උත්සහා කරන බව ද පවසා ඇත.

විදෙස් ගත වූ දින සිට මෙම කාන්තාව සතියකට හෝ දෙකකට වරක් නිවැසියන් සමග දුරකතනය ඔස්සේ කතා කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම කතා කිරීමට වැඩි කාලයක් නොගත් බවත් නිවෙසේ වැඩ බහුල බව සැමියාට පවසා ඇත.

ඇය විදෙස් ගත වූ මුල් මාසයේ ඇය රුපියල් 78,000 මුදක් දුන් බවත් එය මාස කීපයක් යද්දී අඩු කළ බවට ඇය කියා ඇත.

දෙවන මාසයේ 53,000ක් ද පසුව 20,000ක් ද අවසන් වරට 10,000ක් දක්වා අඩු කළ බව ඇය කියා ඇත.

මුදල් එකවර ලබා නොදෙන මෙම කාන්තව පවසා ඇත.

අවසන්වරට පසුගිය දෙසැම්බර් 8 වැනි ද සිය සැමියාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඉන් පසුව ඇයගෙන් ඇමතුමක් නොලැබීම නිසා නිවැසියන්  ජනවාරි නව වැනි දා මේ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත.

එහි දී මොවුන්ට දැනගැනීමට හැකි වී ඇත්තේ මීට සතියකට පමණ පෙර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.