සෞදිය ගෘහ සේවයට බඳවා ගැනීමේ ගාස්තු පහළ දමයි

සෞදිය ගෘහ සේවයට බඳවා ගැනීමේ ගාස්තු පහළ දමයි

ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය විසින්  තීරණය කර තිබේ.

පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා, ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා, බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා, කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා, උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා ඇතැයි සඳහන්ය.

ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේ දී අදාළ රටවල පුද්ගලයින්ට දැරීමට සිදුවන ඉහළ පිරිවැය සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.