නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට යයි

නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට යයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් අප්‍රේල් 22 සිට 25 දක්වා නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් ගත් කබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ වන්නේ කිරීමට තීරණය කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.