විගමනික   ශ්‍රමික ප්‍රජාව රට ගොඩ ගනියි

විගමනික   ශ්‍රමික ප්‍රජාව රට ගොඩ ගනියි

විගමනික   ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ මුල් මාස 7 තුල රුපියල් බිලියන 964 කට අධික මුදල් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්  ප්‍රකාශය කර ඇත .එය ඇමරිකානු ඩොලර් මිලියන 3710 ක් හෙවත්  බිලියන 3.710 අගයක් ගනියි .ඒ අනුව  2024 වර්ෂයේ  වැඩිම විදේශ ප්‍රේෂනය සිදු කළ මාසය මාර්තු වන අතර එහි අගය USS මිලියන 572 වෙයි .

පසුගිය ජූලි මසයේ දී  USS මිලියන 566.8 ක් විගමනික ශ්‍රමකයින් විසින් මෙරටට ප්‍රේෂනය කර ඇති බව වාර්තා වෙයි.මේ අතර 2023  වර්ෂයේදි  විගමනික ශ්‍රමක ප්‍රජාව විසින් මෙරටට එවා ඇති මුළු විදේශ විනිමය ප්‍රේෂන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5970 වෙයි.එය 2022 වර්ෂය හා සැසදීමේදී 58% කැපී පෙනෙන  වර්ධනයකි .

විගමනික ශ්‍රමක ප්‍රජාව විසින් මෙරටට එවනු ලැබු ප්‍රේෂන  ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඉහළ නැංවීම  සඳහා  විශාල දායකත්වයක්  දරනු ලබයි. මෙරට ඖෂධ, ඉන්ධන , ගෑස්  ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයේදී විදේශ විනිමය අත්‍යවශ්‍ය මෙන්ම ඉතාම වැදගත් වෙයි .

මෙ වසරේ ජනවාරි  සිට අගෝස්තු  මාසය දක්වා  187,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බව වාර්තා වෙයි .මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් විගමනික ශ්‍රමික ප්‍රජාව වෙත සුබසාධනය පහසුකම්  රැසක් වාර්ෂිකව ලබා දෙමින් සිටියි.