විදෙස් ශ්‍රමිකයින් ගැන පළ වූ අසත්‍ය පුවතක් ගැන නියෝජ්‍ය ඇමති හෙළි කරයි

prof-anil-jayantha

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ආදායම් බදු අයකරන බවට පුවත්පතක සඳහන් වූ පුවත අසත්‍යක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ආදායම් බදු අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී හා මාධ්‍ය නිවේදන මඟින්ද දැනුම්දී ඇති බවයි අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අසත්‍ය පුවත පළ කිරීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවද, මෙයින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ආදායම් නිත්‍යාකූලව මෙරටට ගෙන ඒම අධෛර්යයට පත් කිරීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම පුවත පළ කිරීමට කටයුතු කළ සියලු දෙනා වරප්‍රසාද කමිටුවට හමුවට කැඳවා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉල්ලා සිටියේය.

(දිනමිණ)