‘මුහුදෙන් ගලවා ගත්ත ද, ගොඩබිම දී අපව මැරීමට තබා ඇත්තේ ද?’ [රෝහින්‍යා මුස්ලිම්වරුන්]

‘මුහුදෙන් ගලවා ගත්ත ද, ගොඩබිම දී අපව මැරීමට තබා ඇත්තේ ද?’ [රෝහින්‍යා මුස්ලිම්වරුන්]

මියැන්මාරය තුළ මුහුණ දෙන අතිශය දරුණු පීඩාවන්ගෙන් මිදී දිවි බේරාගැනීම සදහා ඉතාමක් දුෂ්කර සහ කටුක මුහුදු ගමනකින් පසුව සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ සිටින මියන්මාරයේ, රෝහින්‍යා මුස්ලිම්වරුන් අද(10) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීය. ඔවුන් එම උද්ඝෝෂනයේදී ඉල්ලා සිටියේ ආහාර, නිවාස වැනි ක්ෂණික උපකාර සහ ස්ථිර (දීර්ඝකාලීන) විසඳුම්ය. “අපගේ තත්ත්වය විසඳීමට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් අපි ඉල්ලා සිටිමු.” ඔවුන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට ලබා දුන් පත්‍රිකාවක සදහන් විය.

‘මුහුදෙන් ගලවා ගත්ත ද, ගොඩබිම දී අපව මැරීමට තබා ඇත්තේ ද?’ ඔවුන් ගේ එක් ප්‍රදර්ශණ පුවරුවක ලියා තිබිණි.

“අපි අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ සිටගෙන සිටිමු, මානව හිමිකම් පිළිබඳ මූලධර්ම මත ගොඩනගා ඇති ආයතනයක්, අපව අමතක නොකරන්න! අපව අතහැර දමන්න එපා!”

“අපි නූතන ඉතිහාසයේ නරකම අර්බුදයකින් දිවි ගලවා ගත් අයයි. ඒ වගේම අපි මියන්මාරයේ රෝහින්යා ජන සංහාරයෙන් දිවි ගලවා ගත්තෙමු. අපේ නිවෙස් අළු බවට පත් විය. අපේ කාන්තාවන් දූෂණයට ලක් විය. අපේ දරුවන් පණපිටින් පුළුස්සා දමන ලදී. අපි දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ වාර්ගික පවිත්‍රකරණයට ලක් වී ඇත. අපේ මව්බිමෙන් අපි එළවා දමන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපව ලොව වඩාත්ම පීඩාවට පත් වූ ජනතාව ලෙස හදුන්වා දී ඇත.

“ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට අවංක ස්තූතිය.” ශ්‍රී ලංකාව, අපි මරණාසන්න වූ විට මනුෂ්‍යත්වයේ අත දිගු කළ රටකි. 2022 දෙසැම්බර් මාසයේදී, සති ගණනක් මුහුදේ අතරමංව – කුසගින්නෙන්, පිපාසයෙන් සහ බලාපොරොත්තු සුන් වී තිබූ විට ශ්‍රී ලංකා නාවික හමුදාව අපව බේරා ගත්තේය. ඒ මොහොතේ අපිට මේ රටේ අනුකම්පාව දැනුණා, ඒකට අපි සදහටම කෘතඥ වෙනවා. ශ්‍රී ලංකාව අපේ ජීවිත බේරාගත්තා, බලාපොරොත්තු සහ සිහින දැකීමට තවත් අවස්ථාවක් අපට ලබා දුන්නා.

ජාතියක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අපි පිළිගන්නා අතර මෙම දුෂ්කරතා මධ්‍යයේ වුව ද අපට දක්වන කරුණාව අගය කරමු. දැන්, අපගේ ගෞරවය, ආරක්ෂාව සහ අනාගතය සහතික කරන, කල්පවතින විසඳුමක් සොයා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවට දැන් හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

ඔවුන් විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට බාර දුන් ලිපියේ වැඩිදුරටත් සදහන් විය.

ඉතාමත් දරුණු ලෙස පීඩාවට ලක්කල රෝහින්යා මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද, ඔවුන්ගේ ජීවිතය නැවත සුවපත් කර දීමට ද ශ්‍රී ලංකාවේ පත් ව ඇති නව ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් ඇත. එය මගහැර යා නොහැකි වගකීමකි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද මේ පීඩිත මිනිසුන්ගේ ඉල්ලීම් නොඇසුනා සේ සිටිය නොහැකි බව ද මතක්කල යුතු නොවේ. කෙසේ හෝ මේ පීඩිත රෝහින්යා මුස්ලිම්වරුන්ගේ ජීවිතය යළි සුවපත් කිරීමට අවශ්‍ය සියලු පියවරන් ගත යුතුමය.

 

(vikalp.org)