නේපාලයේ සිටින ලාංකිකයන් ගැන තොරතුරු විමසීමට විශේෂ දුරකථන අංකයක්

nepal-floods

නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි පියවරක් ගෙන තිබේ.

එම ප්‍රදේශවල පදිංචිව සිටින හෝ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් හෝ කිසියම් සහායක් අවශ්‍ය නම් අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සම්බන්ධ කරගත හැකිය.

ජංගම දුරකථන / WhatsApp: 070 7887778

දුරකථන: 0112 473899

විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දැනට ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින්, වඩාත් වේගවත් සහ නිවැරදි සන්නිවේදනයක් සඳහා හැකිතාක් WhatsApp ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image