සෞදි කොන්සිල කාර්යාලයෙන් හදිසි තත්ත්වය පිළිබඳ නිවේදනයක්

saudi-arbia-important-notice

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට පහත කරුණු පිළිබඳව උපදෙස් දෙනු ලැබේ:

  • එම කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • ඔබේ ජංගම දුරකථනයට හදිසි අනතුරු ඇඟවීමක් (National Warning Alerts) ලැබුණහොත්:

Ø ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින්න; ජනේලවලින් ඈතින් පිහිටි ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න.

Ø විවෘත ස්ථාන, ජනේල, වීදුරු, බැල්කනි සහ වහලවල්වලින් ඈත්ව සිටින්න.

Ø ඔබ එළිමහනේ සිටී නම්, ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලකට ඇතුළු වන්න හෝ ශක්තිමත් බිත්තියක් පිටුපසින් ආරක්ෂාව පතන්න.

Ø මිනිසුන් එක්රැස් වන ස්ථානවලට හෝ අනතුරුදායක ප්‍රදේශවලට යාමෙන් වළකින්න. ඡායාරූප ගැනීමෙන් වළකින්න.

Ø රථවාහන පදවමින් සිටී නම්, වාහනය මාර්ගයේ පසෙකට ගෙන නවත්වන්න,පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්න.

Ø අනතුර පහව ගිය බවට නිල දැනුම්දීමක් ලැබෙන තුරු ඉහත උපදෙස් පිළිපදින්න.

  • කලබල නොවන්න. තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි ද, බලධාරීන්ගේ නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන්නැයි ද අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
  • සිදුවීම් ඡායාරූපගත කිරීම, වීඩියෝ ගත කිරීම හෝ පටිගත කිරීමෙන් වළකින්න. එවැනි සටහන් (posts) බෙදා හැරීම හෝ ඒවාට අදහස් දැක්වීම නොකරන්න. මේ සම්බන්ධයෙන් අදාළ සෞදි නීති සහ රෙගුලාසි දැඩි ලෙස පිළිපදින ලෙස සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

හදිසි අවස්ථා සම්බන්ද දේශීය සේවා සඳහා:

  • මක්කා සහ මදීනා කලාප තුළ: 911
  • රාජධානියේ අනෙකුත් ප්‍රදේශවල: 998

 

කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය: 056 098 6671(පවතින හදිසි අවස්ථාව සඳහා පමණි. සාමාන්‍ය කොන්සියුලර් හෝ කම්කරු කටයුතු සඳහා මෙය භාවිතා නොකරන්න.)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image