දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබූ මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබීම ඉමහත් සතුටකි.
ඔහුට සමාව ප්රදානය කිරීම පිළිබඳව, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් රජතුමා වෙත, එරටට වැඩම කළ ප්රථම බෞද්ධ භික්ෂුව ලෙසත්, අනෝජන්ට සමාව අභියාචනා කර සිටි අයෙකු ලෙසත් ශ්රී ලාංකේය ජාතිය සමඟ එක්ව අපගේ හෘදයාංගම උපහාරය හා ගෞරවනීය කෘතඥතාවය පුද කරමි.
බානගල උපතිස්ස ස්ථවිර
සභාපති, ශ්රී ලංකා මහබෝධි සංගමය, විහාරාධිපති, සවරා ලංකා ජී විහාරය ජපානය, සාංචි චේතියගිරි විහාරය ඉන්දියා හා අග්රශ්රාවක මහා විහාරය මාලිගාකන්ද
