කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව කාර්යාංශ නම භාවිත කරමින් ව්යාජ sms පණිවිඩ යොමු කිරීමේ ජාවාරමක් පිළිබද තොරතුරු ලාබී තිබෙන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. එම sms පණිවිඩය මගින් ව්යාජ ගිණුම් අංකයක් සදහන් කර ඊට මුදල් බැර කරන ලෙස එම පණිවිඩය මගින් කොරියානු භාෂා පරීක්ෂණයේ අපේක්ෂකයින් වෙත යොමු කරන බව මේ වන විට තොරතුරු ලැබී ඇත. මෙය මුළුමනින්ම වංචාවක් බව කාර්යංශය සදහන් කරයි.
2026 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව අයදුම්පත් නිකුත් කිරීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා 2026.10.26 සිට 2026.10.30 වන දින දක්වා මාර්ගගත ක්රමවේද ඔස්සේ සිදු කරනු ලැබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය www.slbfe.lk මගින් දැනුම් දී ඇති පහත සදහන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් ඇති බැංකු ගිණුම් අංක වෙත පමණක් ගෙවීම් සිදු කරන ලෙසට විගමනික ශ්රමිකයින් හට කාර්යාංශය දන්වා සිටියි.
මහජන බැංකුව : 208100151791068
ලංකා බැංකුව : 0000001650
ජාතික ඉතිරි කිරීමේ බැංකුව : 100800442461
පරීක්ෂණයට අදාළ මුදල් ගෙවීමට ලැබෙන sms පණිවිඩයේ සත්ය අසත්ය බව තහවුරු කර ගැනීම සදහා කාර්යාංශ හදිසි ඇමතුම් අංකය වන 1989 අමතන ලෙස කාර්යාංශය දැනුවත් කරයි. සත්යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව මුදල් අදාළ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.
මෙවැනි වංචනික ක්රියාවන් නිරතුරුවම සිදු වන බැවින් කිසිදු ලෙසක මෙම වංචාවට හසු නොවන ලෙස කොරියානු භාෂා පරීක්ෂණයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයට කාර්යංශය ඉල්ලා සිටියි.
