රට විරුවන්ගෙන් ලැබෙන මුදල් 22.7% කින් පහළ යයි 

රට විරුවන්ගෙන් ලැබෙන මුදල් 22.7% කින් පහළ යයි 
2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් වී තිබේ.
 
2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණු අතර ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී ඇත.
 
සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් වී ඇත.
 
මෙය ඩොලර් මිලියන 1,613 ක හෙවත්  22.7% ක පහළ යාමකි.
 
ප්‍රධාන වශයෙන් පුහුණු (6,215), ගෘහ සේවිකා (5,507) සහ නුපුහුණු (4,889) යන කාණ්ඩවල දායකත්වයෙන්, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය, 2021 වසරේ නොවැම්බර් මාසය තුළ දී පෙර මාසයට සාපේක්ෂව 19,805ක් දක්වා සියයට 25.9කින් වර්ධනය වී තිබේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.