සෞදිය පැය 24ක් ඇතුළත විදේශිකයින් 81කට මරණ දඬුවම ලබාදෙයි

සෞදිය පැය 24ක් ඇතුළත විදේශිකයින් 81කට මරණ දඬුවම ලබාදෙයි
සෞදි පුවත් සේවා පසුගිය 13 වෙනි දින වාර්තා කරන ආකාරයට ගතවූ පැය 24ක කාලය ඇතුළත සෞදි අරාබිය 81 දෙනෙකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දෙයි.
 
මෙලෙස මරණ දණණයට නියමවූ පුද්ගලයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණ දඬුවම නියම වූ අය වන අතර ඔවුන් අතුරින් වැඩි දෙනෙකු සිරියානු හා යේමන ජාතිකයින් වන බවත් සඳහන්.
 
මෑත කාලයේ සෞදි රජය විසින් එක් දිනක් තුළ මරණ දඬුවම ලබාදුන් වැඩිම පුද්ගලයින් ගණන මෙය වන බවත් පැවසෙයි.
 
මරණ දඬුවම ලැබූ අය නොයෙක් කුරිරු අපරාධ වලට සම්බන්ධව චෝදනා ලැබූ අය වන අතර ඔවුන් සෞදි කාන්තාවන් සහ දරුවන්ට සිදුකළ අපරාධයන් අධිකරණය හමුවේ ඔප්පු වීම නිසා  මෙලෙස මරණ දඬුවමට ගොදුරුව තිබෙන බවයි සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශය වාර්තා කරන්නේ.
 
පසුගිය 2020 වසරේ පමණක් මරණ දඬුවම ලැබූ පිරිස 27ක් වන අතර එය 2021 වසරේදී 67ක් ලෙස වාර්තා විය.ඒ අනුව 2022 මුල් කාලයේම 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රයාත්මක කිරීම මෑත ඉතිහාසයේ සිදුකළ එක් දිනකදී මරණ දඬුවම ලබා දුන් වැඩිම පුද්ගල ගණන ලෙස වාර්තා විය.