පුහුණු ශ්‍රමිකයින් 25,000කට විදේශයේ රැකියා දොරටු ඇරෙයි

පුහුණු ශ්‍රමිකයින් 25,000කට විදේශයේ රැකියා දොරටු ඇරෙයි

මෙරට තරුණ තරුණියන් 25,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර හැරීමේ පළමු අදියර අද ආරම්භ වුණා.

ඒ අනුව පළමු අදියර යටතේ රුමේනියාවේ විදේශ රැකියා ලාභීන් 200 කට ඒ සඳහා අවස්ථාව ලැබී ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ඉදිරියේදී මාසිකව 2000 ත් 2500 ත් අතර පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශකර ඇත්තේ.

නුපුහුණු ශ්‍රමිකයෙකු විදේශ රැකියාවක් සඳහා පිටත් කර මෙරටට ලැබෙන විදේශ විනිමයට වඩා සිව්ගුණයක විදේශ විනිමයක් පුහුණු ශ්‍රමිකයෙකු විදෙස් රැකියාවක් සඳහා යොමු කිරීමෙන් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කලේය.