කුවේට් – ශ‍්‍රී ලංකා එකමුතුවෙන් රිජ්වේ ළමා රෝහලට රු. ලක්ෂ 25ක වෛද්‍ය උපකරණ

කුවේට් – ශ‍්‍රී ලංකා එකමුතුවෙන් රිජ්වේ ළමා රෝහලට රු. ලක්ෂ 25ක වෛද්‍ය උපකරණ

ශ‍්‍රී ලංකාවේ කොවිඩ් – 19 වසංගතයෙන් පීඩා විඳින දරුවන් සඳහා ”කුවේට්හි ශ‍්‍රී ලංකා එකමුතුව” විසින් පරිත්‍යාග කරන ලද හුස්ම ගැනීම පහසු කරවන හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත‍්‍රයක්, සිරින්ජ පම්ප්ස්, ඉන්ෆියුෂන් පමිප්ස්, පල්ස් ඔක්සිමීටර්ස් ඇතුළු රුපියල් 25 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත බාර දෙන ලදී.

එම උපකරණ තොගය ”කුවෙට් – ශ‍්‍රී ලංකා එකමුතුවේ” නියෝජිත ප‍්‍රියදර්ශන මහතා විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා වෙත ලබාදුන් අවස්ථාව.

එකමුතුවේ ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකාරක දයා ලංකාපුර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.