පාකිස්ථානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට ලක්ෂ 25ක් ලබා දෙයි

පාකිස්ථානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට ලක්ෂ 25ක් ලබා දෙයි

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව, එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් ලක්ෂ 25ක චෙක්පත් ලබාදීම අද සිදුකෙරිණි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් විසින් එම චෙක්පත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී භාර දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් එක්වී සිටියහ.

priyantha kumara 2

priyantha kumara 4

priyantha kumara 3