හම්පුතුන්ගෙන් කරදර විදි ලාංකිකයින් 288ක් සෞදියෙන් දිවයිනට

හම්පුතුන්ගෙන් කරදර විදි ලාංකිකයින් 288ක් සෞදියෙන් දිවයිනට
සෞදියේ රැකියාවට ගොස් එහිදී විවිද හිරිහැර කරදරවලට ලක්ව දිවයිනට පැමිණීමට නොහැකිව අසරණව සිටි ලාංකිකයින් 288 දෙනෙකු රජයේ විශේෂ මැදිහත්වීමකින් දිවයිනට ගෙන්වා තිබේ.
 
මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1264 දරන  විශේෂ ගුවන් යානයෙන් අද අලුයම කටුනායක ගුවන් තොටුපළවෙත රැගෙන විත් තිබුණු අතර කණ්ඩායම් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඔවුන් රැගෙනවිත් තිබුණි.
 

අද අලුයම 02.00ට පමණ මෙම පිරිස සෞදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සෞදියේ ගෘහ සේවයට ගිය ලාංකික කාන්තාවන් වූහ.

පැමිණි සියලුම දෙනා ශ්‍රී ලකා යුධ හමුදාව විසින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවත් සඳහන්.