කුවේටයේ අසරණව සිටි ලාංකිකයින් 297ක් දිවයිනට 

කුවේටයේ අසරණව සිටි ලාංකිකයින් 297ක් දිවයිනට 
කුවේටයේ රැකියාවට ගොස් සිටියදී සිය හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක්ව දිවයිනට පැමිණීමට නොහැකිව කුවේටයේ රැඳවුම් කදවුරුවල රැඳී සිටි ලාංකික ශ්‍රම්කයින් 297 දෙනෙකු රජයේ අවසරය මත ඊයේ (18) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළවෙත රැගෙනවිත් තිබේ.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 230 දරන විශේෂ ගුවන් යානයකින් අදාල පිරිස ඊයේ රාත්‍රී 9.15ට පමණ කුවේටයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේ.
 
දිවයින්ටා පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස දිවයිනට ගෙන්වා තිබුණි.
 
ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව අදාල පිරිස රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.