ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් 3ක් ආරක්ෂිත ස්ථාන වෙත

ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් 3ක් ආරක්ෂිත ස්ථාන වෙත

පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එහි ප්‍රධානී බෙනට් කුරේ සඳහන් කළේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 17 දෙනෙකු පලස්තීනය තුළ රැඳි සිටින බවයි.

 පලස්තීනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ ප්‍රකාශ කර සිටින්නේ "ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් 3ක් පදිංචි වෙලා ඉන්නවා. එක පවුලක් අවුරුදු 22ක් පුරා ගාසා තීරයේ පදිංචි වෙලා ඉන්නවා. තව පවුලක් අවුරුදු 5ක් පමණ. අනික් පවුල තනිකරම ශ්‍රී ලාංකිකයි. ඒ පවුල් 3 සමග අපි නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වනවා දුරකථන මාර්ගයෙන්. දිනපතා කතා කරලා ඔවුන්ගේ තොරතුරු විමසනවා. දැනට ඔවුන් ආරක්ෂිතව ස්ථානවල ඉන්නවා. " යනුවෙනි.