විදේශ රැකියා ඒජන්සි ආයතන බලපත්‍ර නිකුත් කිරීමට බැංකු ඇපකරය මිලියන 3ක් දක්වා ඉහළ දමයි

විදේශ රැකියා ඒජන්සි ආයතන බලපත්‍ර නිකුත් කිරීමට බැංකු ඇපකරය මිලියන 3ක් දක්වා ඉහළ දමයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට යොමුකරනු ලබන බැංකු ඇපකරය රු.750,000.00 සිට මිලියන 3  දක්වා ඉහළ නැංවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන  ඇති අතර දෙවන වසරේ සිට එය මිලියන 5 දක්වා ඉහල දැමීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

ඒජන්සි ආයතන මගින් රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් ආදී වශයෙන් වූ ගෙවීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරනු ලබයි. එවැනි අවස්ථාවලදී  එම ගෙවීම් සිදුකිරීමට එකී ඒජන්සි ආයතනය කටයුතු නොකරයි නම් ඔහුගේ බැංකු ඇප මුදලින් නීත්‍යානුකූල පරිදි අයකර ගැනීම් සිදුකරයි.

ඒජන්සි ආයතන මගින් විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් පරිදි කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සුරක්ෂිත භාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා සහ ඒ සඳහා සුදුසු මූල්‍යමය ශක්තියකින් යුත් ආයතන ඇති කිරීම සඳහාත් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, ඉදිරියේදී ඒජන්සි ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දැඩි නියාමනයකට ලක්කිරීමටද  විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වේ.