විදෙස්ගත ලාංකිකයින් 30,832ගේ රැකියා කොරෝනා නිසා අහිමිවෙයි

විදෙස්ගත ලාංකිකයින් 30,832ගේ රැකියා කොරෝනා නිසා අහිමිවෙයි

විදේශයන්හී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30832කට කෝවිඩ් - 19 අර්බුදය හේතුවෙන් රැකියා අහිමී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රටවල් 14ක සේවය කළ පිරිසකගේ රැකියා මෙසේ අහිමිවී ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

විදේශයන්හි සිටි 50403 දෙනකු කෝවිඩි ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු මේ දක්වා පැමිණ ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4430 දෙනකු ඒ රටවලදී  කෝවිඩ් ආසාදනය වී ඉන් 4071 දෙනකු මේ වනවිට සුවය ලබා සිටින බව කී ඇමැතිවරයා විදේස්ගත ශ්‍රමිකයන් 122ක් කොවිඩ් - 19 වැළඳීමෙන් මියගොස් ඇතැයි ද  ප්‍රකාශ කළේය.