ප්‍රංශයට ගිය ලාංකිකයින් 38ක් නැවත හරවා එවයි

ප්‍රංශයට ගිය ලාංකිකයින් 38ක් නැවත හරවා එවයි
නීතිවිරෝධී ලෙස මුහුදු මගින් ප්‍රංශයේ රී - යූනියන් දූපතට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
 
පසුගිය දෙසැම්බර් මස පළමු වැනි දා මීගමුව ධීවර වරායෙන් පස් දෙනෙකු, බහුදින ධීවර යාත්‍රාවකින් පිටත්ව ඇති අතර, අනතුරුව පුත්තලම, බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 3 කින් පුද්ගලයින් 64 දෙනෙකු ඊට නංවාගෙන ඇත.
 
පසුගිය දෙසැම්බර් 31 වන දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන නැවත පිටුවහල් කිරීමෙන් අනතුරුව මිනිස් ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකීය පිරිස ප්‍රංශයට අයත් රී යූනියන් දූපත් වෙත රැගෙන ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
 

එම දූපතේ බලධාරින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 38 දෙනෙකු යළි ඊයේ මෙරටට පිටුවහල් කෙරුණු බව  නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.