විදෙස් ශ්‍රමිකයින් එවූ රට සල්ලි 50% න් අඩුවෙලා 

විදෙස් ශ්‍රමිකයින් එවූ රට සල්ලි 50% න් අඩුවෙලා 
පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඩු වී ඇති බව අනාවරණය වී තිබේ.
 
2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව නිවේදනය කර ඇත.
 
 ඒකී මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් ඒ් පිළිබඳ මෙසේ සඳහන් ය.
 
“2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් විය. සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,577 ක් දක්වා සියයට 9.3කින් අඩුවිය. ප්‍රධාන වශයෙන් පුහුණු (4,503), නුපුහුණු (3,216) සහ ගෘහ සේවිකා (2,486) යන කාණ්ඩ යටතේ, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය 2021 වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී 12,274 ක් දක්වා සියයට 38.6කින් වර්ධනය වූ අතර, මෙමගින් ප්‍රේෂණ ප්‍රවාහ වැඩි දියුණු කිරීම සඳහා ගනු ලැබූ ඉලක්කගත පියවර හේතුවෙන්, ඉදිරි කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.“
 
Remittance1