මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්
2023 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා මාස 6ක කාලය තුල ශ්‍රී ලාංකිකයින් 150,000කට අධික ප්‍රමාණයක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ. මෙලෙස විදෙස්ගත වූ පිරිස අතුරින් වැඩි පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යපා මහතා සඳහන් කලේ.
 
මෙම වසර  අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බව ඔහු සදහන් කළේ ය. 
 
එම සංඛ්‍යාලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒවා පමණක් බව ගාමිණි සෙනරත් යාපා මහතා පැවසී ය.