පළමු මාස 6ට සාපේක්ෂව පාස්පොට් 289%ක් නිකුත් කරලා

පළමු මාස 6ට සාපේක්ෂව පාස්පොට් 289%ක් නිකුත් කරලා
පසුගිය වසරේ පළමු මාස හයට සපේක්ෂව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 289%කින් වැඩිව ඇති බව එහි ආරංචි මාර්ග පවසයි.
 
ඒ් අනුව මේ වසරේ පළමු මාස හයක කාලය තුළ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 437,382ක් බව වාර්තාවේ.
 
මේ අතර අදාළ කාල සීමාව තුළ දී එක් එක් මාසය තුළ නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රවල සාමාන්‍ය දැක්වෙන්නේ 72,000ක් ලෙසය.
 
ඒ අනුව ජනවාරි මාසයේ දී ගුවන් ගමන් බලපත්‍ 52,278ක්, පෙබරවාරි මාසයේදී 55,381ක්, මාර්තු මාසයේදී 74,890ක්, අප්‍රේල් මාසයේ දී 53,151ක්, සහ මැයි මාසයේ දී 52,945ක් ලෙස ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.
 
නමුත් ජුනි මාසයේ දී එම සංඛ්‍යාව දැක්වෙන්නේ 122,491ක් ශීඝ්‍ර වැඩි වීමක් සිදුව තිබේ.  එය 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 221%ක වර්ධනයක් බැව් කියැවෙයි.
 
එසේ ම මෙම වසරේ මුල් මාස හය තුළ නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව පසුගිය වසර පුරා ම නිකුත් කෙරුණු ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව වන 382,506 හා සැසඳීමේ 14%ක ඉහළ යාමක් ලෙසත් දැක්විය හැකිය.
 
කෙසේ නමුත් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව, එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩි ම ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ 2016 වසරේ දී වන අතර එය ගණනින් 658,725කි.
 
නමුත් මෙම වසරේ(2022) ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සංඛ්‍යාව සහ එහි වර්ධනයේ ශීඝ්‍රතාව පිළිබඳ සැලකිල්ලට යොමු කිරීමේ දී එය 2016 වසරේ නිකුත් කළ සංඛ්‍යාව ඉක්මවා යාමට ඉහළ සම්භාවිතාවක් තිබෙන බව සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි.