කොරෝනා වසංගතය නිසා විදේශයේ සිරවී සිටි ලාංකිකයින් 750ක් දිවයිනට

කොරෝනා වසංගතය නිසා විදේශයේ සිරවී සිටි ලාංකිකයින් 750ක් දිවයිනට

ගත වූ පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 15 ක් තුළ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 750 ක් කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ.

එලෙස පැමිණි පුද්ගලයින් අතර 119 දෙනෙකු කටාර් සිට සහ 48 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති බව වාර්තා වේ.

තවත් ශ්‍රී ලාංකිකයින් 600 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා විදේශයන්හි රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image