තුර්කියේ භූමිකම්පාව සිදුවූ ප්‍රදේශවල ලාංකිකයින් 9ක් සිටි බවට තහවුරු වෙයි

තුර්කියේ භූමිකම්පාව සිදුවූ ප්‍රදේශවල ලාංකිකයින් 9ක් සිටි බවට තහවුරු වෙයි
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය සදහන් කළාය. .
 
භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිටි බවත් ඉන් 8 දෙනෙකු මේ වනවිට සම්බන්ධ කරගෙන ඇති බවත් ඇය පැවසුවාය.
 
මෙම පුද්ගලයින් 9 දෙනා අතරින් එක් අයෙකු කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ සිට ඇතිමුත් අවාසානාවන්ත සිදුවීම වන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවට සැකපළ කරන බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.
 
එරට වත්මන් තත්ත්වය පිළිබඳව දිසානායක මහත්මිය කියා සිටියේ ප්‍රධාන භූමිකම්පාවෙන් පසු කම්පන තවදුරටත් දැනෙමින් පවතින බවත් මීට සුළු මොහොතකට පෙර තවත් රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයක් සිදු වූ බවත් එය අන්කාරා අගනුවරට ද සුළු වශයෙන් දැනුණු බවත්ය.
 
තදාසන්න ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව තානාපතිවරිය පැවසීය.
 

සඳුදා අලුයම දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,400 ක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි මේවන විට විදෙස් මාධ්‍