සැකකාර පුද්ගලයින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ප්‍රධානපෙලේ රෝහලකින් පීසීආර් වාර්තා ලබාදෙන බව පවසමින්. ඒ පිළිබඳ දැක්වෙන වෙබ් අඩවියක් ද ඔවුන් සකස් කර තිබෙනවා.
මාස එක හමාරක් තිස්සේ සිදු කර ඇති මෙම ජාවාරම හරහා ව්‍යාජ පීසීආර් වාර්තා 750 ක් විදෙස්ගතවූ පුද්ගලයින්ට ලබාදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
එක් වාර්තාවක් සඳහා ඔවුන් රුපියල් 6,000 ත් 6,500 ත් අතර මුදලක් අයකර තිබෙනවා. කිසිදු පරීක්ෂණයකට සහභාගී නොවී මුදල් බැර කර ඉතා කෙටි කාලයක් තුළදී පීසීආර් වාර්තා ව්‍යාජව ලබාදෙමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැල්ලම්පිටිය, කළුතර හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවලින්.
