සෞදි අරාබියෙන් ඇසෙන ලාංකිකයින්ගේ අසරණ විලාපය

සෞදි අරාබියෙන් ඇසෙන ලාංකිකයින්ගේ අසරණ විලාපය

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ වෙසන ලාංකිකයෝ මහත් පිඩාවන්ට ගොදුරුව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ලංකාවට ඒමට නොහැකිව සෞදියේ සේවය කරන ලාංකිකයින් දහස් ගණනක් සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයත් සමඟම විශාල පිරිසකගේ රැකියා අහිමිවී තිබෙන බවත් එලෙස රැකියා අහිමිවීම නිසා රැකියාවන් කළ ආයතනවලින් ලබා දුන් කිසිම සහනයක් එනම් ආහාර හා නවාතැන් පහසුකම්ද කපා හැරීමෙන් තවත් අන්ත අසරණව දුක් විඳින බවයි.

එබැවින් රැඳී සිටින්නට හරිහමන් තැනක් නොමැතිව අහාරපාන සොයා ගැනීමටද නොහැකිව දුෂ්කරතාවයන්ට මුහුණ දි සිටී.

තවද සමහර ආයතන මඟින් සෞදියෙන් පිටවීම සඳහා පිටවීමේ වීසා (Exit Visa) නිකුත්කර ඇතත් වීසා සහ ඉකාමා කල් ඉකුත්වීම නිසා රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් ගෙවා නැවත අලුත් කිරීමට සිදුවීම තවත් ගැටළුවක් ව තිබේ.

පසුගිය කාලවකවානුව තුළ සෞදියේ සිටින ලාංකිකයින් දිවයිනට රැගෙන යාම සඳහා ගුවන් යානා සෞදියට පැමිණියද අධික ගුවන් ගමන් ගාස්තු නිසා මව්බිමට යාමට නොහැකිව බොහෝ පිරිසක් මේ පිරිස අතර වෙයි.

ඔවුන් ප්‍රකාශ කරනුයේ දහසකර්ට අධික පිරිසක් සෞදියේ මෙලෙස අසරණැවී සිටින අතරම හැකි ඉක්මනින් තමන්ව මවුබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

වැඩබිම