UAE රාජ්‍ය නව නීති ගෙනෙයි -මේ වැරදි කළොත් සිර දඬුවම් එක්ක දඩ මුදලක්

UAE රාජ්‍ය නව නීති ගෙනෙයි -මේ වැරදි කළොත් සිර දඬුවම් එක්ක දඩ මුදලක්

එක්සත් අරාබි එමිරේට්ස්   රාජ්‍ය බලධාරීන් විසින්  නව නීති හඳුන්වාදෙමින් යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ අනුමැතියකින් හෝ අවසරයකින් තොරව ඡායාරූප ගත කිරීම  තහනම් කරමින් නව නියෝග නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට   මෙම නව නියෝගය 2022 වර්ෂයේ ජනවාරි මස දෙවන දින සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යය තුළ  ක්‍රියාත්මක වන අතර  යමෙකුගේ අනුමැතියකින් තොරව ඡායාරූප ගත කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලබයි.

වැරදිකරුවන් වන ඕනෑම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මාස 6 ක සිර දඬුවමක් හෝ ඩිරාම් 150,000 ක සිට 500, 000 ක්  දක්වා දඩයකට හෝ ඒ දෙකටම යටත් වනු ඇත.

එමෙන්ම ඡායාරූප ගත කිරීම සඳහා භාවිතා කරනු ලැබූ සියලුම උපාංග රාජසන්තක කිරීමට ද අධිකරණයට බලය ලබාදී තිබේ.

 තවද රජයේ වෙබ් අඩවිවලට හිතාමතාම හානි කරන, අත්හිටුවන හෝ නතර කරන ඕනෑම පුද්ගලයකුට සිර දඬුවම් සහ ඩිරාම් 5 00,000 සිට මිලියන 03 ක් දක්වා දඩයක් නියම කිරීමට ද අධිකරණයට බලය ලබාදී තිබේ.