1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත සේවක සුබසාධනය, වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතිය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පනතකි. මෙය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C 16 සම්මුතියට අනුව ක්‍රියාත්මක වන්නකි. නමුත් මෙම1934 පනත මගින් සේවකයින්ට ලැබුණු වන්දිය මාසකට රුපියල් 500 හා ඊට අඩු වැටුප් ලැබූ අයට පමණක් සීමාවී තිබුණි.
පසුව 1990 වර්ෂයේදී මෙම පනතට කරන ලද සංශෝධනයට අනුව වැටුප් සීමාව ඉවත් වී ඕනෑම වැටුප් තලයක සේවකයෙකුට මෙම පනත අදාල කරන ලදී. මෙම පනත කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය හරහා ක්‍රියාත්මක වේ. මෙම පණතේ අරමුණ ලෙස යම් වෘත්තියක හෝ රැකියාවක යෙදී සිටීමේදී සිදුවන අනතුරුවලදී හෝ රැකියාවේ ස්වභාවය හේතු කොටගෙන වැළඳෙන රෝගී තත්වයන් තුලදී සේවකයින්ට මුහුණදීමට සිදුවන අසීරුතා සම්බන්ධයෙන් යම් නිශ්චිත වන්දියක් ගෙවීමට සේවායෝජකයින්ට වගකීම පැවරීමයි.
මෙම පනත යටතේ ආවරණය වන සේවකයන් වන්නේ;
ආවරණය නොවන සේවකයන් වන්නේ,
එම වන්දි ගෙවීමට සේවායෝජකයා බැඳී සිටින්නේ එම අනතුර සේවකයා සිය සේවා කාලය තුළ එම සේවාව හෝ රැකියාව නිසා උද්ගත වූ හදිසි අනතුරක්, වෘත්තීයන් රෝගයක් නිසා ආබාධිත හෝ මරණයට පත්වූ අවස්ථාවක වේ .
සේවක වන්දි ලබා ගැනීම සඳහා අනතුර හෝ මරණය සිදු වී අවුරුදු දෙකක් ඉකුත් වීමට පෙර කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලයට අයදුම් කළ යුතුය. තවද යම් කිසි සේවකයෙකු සේවක නියුක්තියන්ගේ භාර අරමුදල පනත යටතේ හෝ සේවක වන්දි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හෝ වන්දියක් ලබා ගෙන ඇත්නම් කම්කරු වන්දි ආඥා පනත යටතේ වන්දි හිමිකම් ලබාගත නොහැකිය.
නමුත් සේවායෝජකයකු විසින් සේවකයෙකුට වන්දි ගෙවීම පැහැර හැරිය හැකි පහත සඳහන් අවස්ථාවලදී සේවක වන්දි ගෙවීම සේවායෝජකයාට නොකර සිටිය හැකිය.
තවද වන්දි ගෙවීම සිදුවී ඇති අනතුරේ ස්වභාවය එනම් බරපතළ හානි, ස්ථිර දුබලතා, මරණය වැනි අවස්ථාවන්වලදී වන්දි ප්‍රමාණය අඩු වැඩි වීම් සිදු විය හැක.
කම්කරු වන්දි සම්බන්ධව කතා දැණුවත්වීමේදී සේවායෝජක සහ සේවක යුතුකම් සහ වගකීම් දෙපාර්ශවය විසින්ම අවබෝධ කරගත යුතුය.
