මෙවර වැඩබිම නීති පිටුවෙන් 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත පිලිබද වැදගත් කරුණු කීපයක් කෙටියෙන්
01.ගැටළුව:
වෘත්තිය සමිති ආඥා පනත යනු කුමක්ද
පිළිතුර
අප රටේ කාර්මික සාමය හා කාර්මික සබඳතා වර්ධනය කිරීම සඳහා ඇතිකරන ලද නීතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
02 ගැටළුව:
ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සමිතියක් සෑදීමට හා එයට බැඳීමට ඇති අයිතිය නීතිය තුලින් තහවුරු කර තිබේද?
පිළිතුර
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ14(1) ව්‍යවස්ථාව තුළින් සංගමයේ නිදහස, කතා කිරීමේ නිදහස, රැස්වීම් පැවැත්වීමට ඇති නිදහස හා ඒකරාශිවීම හා එකතු වීමේ නිදහස මෙන්ම 14(1) (ඩී) ව්‍යවස්ථාව මගින් වෘත්තිය සමිති සෑදීමට හා වෘත්තිය සමිතිවලට බැඳීමට ඇති අයිතිය තහවුරු කර ඇත.
03 ගැටළුව :
සමාගමේ නිදහස හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම සම්බන්ධ අයිතිය ලෝක කම්කරු සංවිධානය මගින් පිළිගෙන තිබේද?
පිළිතුර
ලෝක කම්කරු සංවිධානයේ අංක 87 දරන සමාගමේ නිදහස හා සන්ධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සම්මුතිය මගින්ද අංක 98 සම්මුතිය මගින් සංවිධානය වීමේ අයිතිය හා සාමූහික කේවල් කිරීමේ අයිතිය පිළිබඳ සම්මුතිය ද මෙම අයිතීන් මනාව පිළිගෙන ඇත.
තවද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 98 දරණ සංවිධානය වීමේ හා සාමූහික කේවල් කිරීමේ අයිතිය පිළිබඳ සම්මුතියේ අරමුණු අතර වෘත්තිය සමිති වලට එරෙහිව වෙනස් කොට සැලකීමේ කටයුතුවලින් ආරක්ෂා කිරීම, වෙනත් බලපෑම් කිරීමේ කටයුතු වලින් ආරක්ෂා කිරීම තහවුරු කොට ඇත. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් තුළින් වෘත්තිය සමිති පිහිටුවීම හා එහි ක්‍රියාකාරීත්වය පිළිගැනීමට ලක් වී ඇති බව සඳහන් කළ හැකිය.
04 ගැටළුව:
වෘත්තිය සමිතියක් ලියාපදිංචි කිරීමේ සාමාජිකයන්ට ලැබෙන අයිතිවාසිකම් හා වගකීම් මොනවාද?
පිළිතුර
