කාර්මික ආරවුල් පනත පිළිබඳ කෙටි හැඳින්වීමක්

කාර්මික ආරවුල් පනත පිළිබඳ කෙටි හැඳින්වීමක්

1950 අංක 43 දරන කාර්මික ආරවුල් පණතේ අරමුණ කුමක්ද?

පිළිතුර

මෙම පණත ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කර ගනිමින් කාර්මික සාමය හා කාර්මික සම්බන්ධතා වර්ධනය කරන නීති පද්ධතියක් ලෙසත් කාර්මික ආරවුල් ඇතිවීම වළක්වාලීම හා නිරාකරණය කිරීම සිදුවූ අතර එමඟින් සේව්‍ය- සේවක දෙපාර්ශවය අතර කාර්මික සම්බන්ධතාවය සුරක්ෂිත කිරීමත් කාර්මික සාමය ගොඩ නැංවීමත් අරමුණ විය.

02 ප්‍රශ්නය

මෙම පණතින් ආවරණය වන සේවකයින් කවුරුන්ද?

පිළිතුර

රජයේ සේවකයින් හැර අන් සියලුම සේවකයින් මෙම පනතින් ආවරණය වේ.තවද රජය මගින් පිහිටුවා ඇති සංස්ථා,මණ්ඩලවල සේවකයින්ද මෙමඟින් ආවරණය වෙයි.

03.ප්‍රශ්නය

කාර්මික ආරවුලක් යනු කුමක්ද?

පිළිතුර

පිළිතුර යම්කිසි පුද්ගලයෙකු සේවයේ යෙදවීම හෝ සේවයේ නොයෙදවීම හෝ සේවා නියමයන් හෝ සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් හෝ සේවය අවසන් කිරීම හෝ නැවත සේවයේ යෙදවීම පිළිබඳ සේවා යෝජකයෙකු හා සේවකයෙකු හෝ සේවා යෝජ්කයන් හා සේවකයින් හා සේවකයන් අතර ඇතුවුන ආරවුලක් හෝ මත භේදයක් කාර්මික ආරවුලක් වේ.මෙහිදී සේවකයන් යන්නෙන් සේවක වෘත්තීය සමිතියක්ද අදහස් වේ.

04.ප්‍රශ්නය

කාර්මික ආරවුල් විසදීමේ ක්‍රමවේද මොනවාද?

පිළිතුර

  1. සාමූහික ගිවිසුම්
  2. සාමදානයෙන් නිරවුල් කිරීම
  3. බේරුම්කරණය
  • ස්වේච්ඡා බේරුම්කරණය
  • අනිවාර්ය බේරුම්කරණය
  1. කාර්මික අධිකරණය
  2. කම්කරු විනිශ්චය සභාව