මෙවර වැඩබිම නීති පිටුව ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නේ කම්කරුවන්ට අතිශය වැදගත් නීති ගැටළු කිහිපයකට පිළිතුරුයි.යම් කිසි කම්කරුවෙකු සේවා ස්ථානයේදී අනතුරකට පත්වුවහොත්, එහිදී වන්දි ලබා ගැනීමට බලපාන නීති රීති හා වාර්තාකල යුතු කාලසීමාව සහ වන්දි ලබා ගැනීමට යා යුත්තේ කොතැනටද වැනි වැදගත් තොරතුරු රැසක් මෙහිදී අප ඔබ වෙත ගෙන එන්නෙමු.එමෙන්ම මෙයින් කම්කරුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමත් දැනුම වැඩිදියුණු කිරීමත් අපේ අරමුණයි.
01. ගැටළුව
ඔබට රැකියා ස්ථානයේදී සිදුවන හදිසි අනතුරු හා රෝගාබාධ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට බලපාන නීතිය කුමක්ද?
පිළිතුර :
1934 නො: 19 කම්කරු වන්දි ආඥා පණත
02.ගැටළුව:
මෙම වන්දි ආඥා පණත අනුව සේවායෝජකයා විසින් සේවකයින්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට වන්දි ලබාදිය යුතු ආකාරය තීරණය කරන්නේ කෙසේද?
පිළිතුර:
අදාළ හානියේ ප්‍රතිඵලයක් ලෙස සේවකයා මියගියේ නම් ඔහුගේ යැපෙන්නන්ට එම වන්දි මුදල ලබා දිය යුතුය.
03.ප්‍රශ්නය
කම්කරුවෙකු විසින් වන්දි ලබා ගැනීමට අයඳුම්පතක් ඉදිරිපත් කල යුත්තේ කිනම් කාලයක් ඇතුළත කුමන අධිකරණයටද?
පිළිතුර:
කම්කරු වන්දි කොමසාරිස් වෙත අනතුර සිදුවී වසර 02ක කාලයක් ඇතුළත
04.ගැටළුව:
එසේ සේවකයෙකුට වන්දි මුදල තීරණය කොට නියෝගයක් ලබාදී ඇතිවිට එපරිදි වන්දි මුදල ගෙවීම පැහැර හැරී ඇතිවිට සේවකයාට ගත හැකි නීතිමය පියවර කුමක්ද?
පිළිතුර:
කම්කරු වන්දි ආඥා පණත අනුව කම්කරු කොමසාරිස්වරයාට අදාළ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ වන්දි මුදල දඩයක් ලෙසට අයකර ගත හැකිය.
එසේ දඩයක් ආකාරයෙන් වන්දි මුදල අයකර ගත නොහැකි වූ විට අදාළ සේවායෝජකයාට විරුද්ධව දිසා අධිකරණයේ නඩු පවරා සේවායෝජකයාගේ නිශ්චල දේපල විකිණීම මගින් එම මුදල අයකර ගැනීමට හැකිවේ.
එතැනින්ද සෑහීමකට පත්නොවූ විට පිළිවෙලින් මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනා කළ හැකිය.
