ඉදිරි සති 03 අවදානම් -සෞඛ්‍ය අංශවලින් මහජනතාවට නිවේදනයක්

ඉදිරි සති 03 අවදානම් -සෞඛ්‍ය අංශවලින් මහජනතාවට නිවේදනයක්
ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා තීරණාත්මක හා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඒ තත්ත්වය සැලකිල්ල ගනිමින් ඉදිර් කාලයේ කිසිඳු උත්සව අවස්ථාවක ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන ලෙසයි ඒ මහතා සියළුම මහජනතාවට සිහිපත්කර දෙන්නේ.
 
මේ තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්පෙන්වා දෙන්නේ,
 
"ඉදිරි සති දෙක තුන කාලය ඉතා තීරණාත්මක හා අවදානම් එබැවින් කිසිදු උත්සව අවස්ථාවක්, ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන්න. අලුත් අවුරුදු සමයට පෙර දිනවල කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩු වුණත් අවුරුද්දෙන් පසු ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා. අලුත් අවුරුද්දට ප්‍රථම කර්මාන්තශාලාවකින් පොකුරක් වාර්තා වුණා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ. මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. කොළඹ වාණිජ බැංකුවක පැවති උත්සවයක සිටි පිරිස අතර හා එමෙන්ම පිළියන්දල ප්‍රදේශයන් සහ රත්ගම ප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තාවීමක් සිදු වුණා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 367 ක්."
 
"අවුරුදු දිනවල ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති උපදෙස් පිළිනොපැඳීම හේතුවෙන් මේ වනවිට අවදානම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. යනුවෙනි.
 
අවදානම් තත්ත්වයට අපි පත්වීමෙන් වළක්වා ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම සහ ඔවුන්ගේ වගකීම ඉටු කිරීම ඉතා වැදගත්. නව වෛරස් ප්‍රභේදයන් ගැන මේ වනවිට ජයවර්ධන පුර සරසවියේ පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ලෝකය පුරා තුන්වෙනි කොවිඩ් රැල්ල පැතිරී යාමට ප්‍රථම අපි එන්නත් ඇණවුම් කළේ. තුන්වන රැල්ලේ බලපෑමක් ඊට ඇතිවේ යැයි විශ්වාස කළ නොහැකියි. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකරන ගණුදෙනුවක් නිසා එන්නත් ලැබීමේ යම් ප්‍රමාදයක් සිදුවුවත් එන්නත් අප ඇණවුම් කළ ප්‍රමාණය ලැබෙන බව විශ්වාසයි.   යනුවෙන්ද සඳහන් කළේය.