ශ්‍රී ලංකාවෙන් ඉන්දිය ප්‍රභේදය ඇතුළු නව ප්‍රභේද 06ක් සොයා ගත්තා

ශ්‍රී ලංකාවෙන් ඉන්දිය ප්‍රභේදය ඇතුළු නව ප්‍රභේද 06ක් සොයා ගත්තා

මේ වන විට ලංකාවේ ස්ථාන කිහිපයකින් ඉන්දියාවේ සහ මහා බ්‍රිතාන්‍ය යේ ව්‍යාප්තව පවතින විනාශකාරී කොවිඩ් නව ප්‍රභේද දෙක ඇතුළු නව වෛරස් ප්‍රභේද 06ක් හදුනා ගෙන ඇතැයි කොරෝනා වෛරස් ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දරගේ අත්සනින් ඊයේ (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

පසුගිය අප්‍රේල් 30 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ලැබුණු PCR සාම්පලවලින් මෙම තොරතුරු සොයාගෙන තිබේ.

ඒ අනුව වඩා වේගයෙන් ව්‍යාප්ත වන සහ මාරාන්තික බව කියන UK Variant සහ Kent Variant ප්‍ර භේදය වන B 1.1.7 ප්‍රභේදය කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් ද B 1.428 යනුවෙන් හඳුන්වන ඩෙන්මාර්ක් /යුරෝපීය ප්‍රභේදයක් යාපනය නල්ලූර් පොකුරකින්ද B 1.525 නයිජීරියන් ප්‍රභේදය කළුතර බණ්ඩාරගමින් සහ කොළඹින් ද සොයා ගෙන ඇත.

මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත්කර ඇති B 1.617 ඉන්දියන් ප්‍රභේදය සහ B 1.351 දකුණු අප්‍රිකානු ප්‍රභේදය නවලෝක රෝහලින් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා ප්‍රභේදය ලෙස නම්කර ඇති B 1.411 යනුවෙන් හදුන්වන නව වෛරසය මඩකළපුව සහ කොළඹින් හමුවී ඇත.

පසුගිය අප්‍රේල් 30 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ලැබුණු PCR සාම්පලවලින් මෙම තොරතුරු සොයාගෙන තිබේ.