ප්‍රධාන ව්‍යාපාරිකයන් 10 ක් රාජ්‍ය බැංකු දෙකකට කෝටි 8,000 ක් පොලු තියලා

ප්‍රධාන ව්‍යාපාරිකයන් 10 ක් රාජ්‍ය බැංකු දෙකකට කෝටි 8,000 ක් පොලු තියලා

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසයි.

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඊයේ (02) පැවති සමුළුවකදී ඔහු සඳහන් කළේ දේශපාලන රැකවරණ ලබන එම ගනුදෙනුකරුවන් දස දෙනා රටට හෙළි කිරීමට පාර්ලිමේන්තුව වහා ක්‍රියා කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මෙසේ සඳහන් කළේය.

"මේ බැංකුවලින් රටේ එහා ඉන්න ගොවියගේ සිට මේ කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ණය දීලා තියෙනවා. ඒ ණය ගෙවන එක ගත්ත කෙනාගේ වගකීමක්. නමුත් ඉතා හොඳට ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් තමන් හම්බකරන සල්ලි පිටරට තැන්පත් කරමින් මේ බැංකු දෙකට පොලු තියපු ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන් 10ක් මේ බැංකු දෙකෙම ඉන්නවා. ඒ 10 විතරක් මේ බැංකුවට ගෙවන්න තියෙන මුදල ලංකා බැංකුවේ බිලියන 50යි, මහජන බැංකුවේ බිලියන 30යි. ඔය අයවැය යෝජනා ගේන මහත්තුරුන්ට අපි කියනවා අය කරගන්න මේවා මේ මහජනතාවගේ මුදල්. පුළුවන්නම් ඒ දස දෙනාගේ නම් පාර්ලිමේන්තුවේ හෙළිකරන්න. එහෙම එළිකරේ නැත්නම් මේ රටේ මහජන යහපත උදෙසා ඒක අපි එළිකරවා. ඒ සඳහා අපි සූදානම්."

(the leader)