පාසල් වේලාවෙන් පසු රට පුරා ස්ථාන 100ක ගුරු උද්ඝෝෂණ

පාසල් වේලාවෙන් පසු රට පුරා ස්ථාන 100ක ගුරු උද්ඝෝෂණ

වැටුප් ගැටලූවට එරෙහිව අද (25 දා) පාසල් වේලාවෙන් පසු රට පුරා ස්ථාන සියයක දැවැන්ත ගුරු-විදුහල්පති උද්ඝෝෂණ කි‍්‍රයාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා  පැවසීය.

අද සිට පාසල් තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට අවතීර්ණ වන බවද හෙතෙම සඳහන් කළ අතර,

‘අපි අද පාසල් තුළ දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකරනවා. ඒ වගේම විනය කටයුතු, මානසික සංවර්ධනයට අදාළ කටයුතු සිදුකරනවා. නමුත් වෙනත් කිසිදු කටයුත්තකට අපේ සහයෝගය ලබා දෙන්නේ නැහැ. අපේ දරුවෝ ගැන හිතලයි මේ ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ.

කොහොම වුණත් අද පස්වරු 2.00 ට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ පවත්වනවා. මේ ගුරු-විදුහල්පති වැටුප්

ගැටලූවට විසඳුම් ඉල්ලා තමයි මේක කරන්නේ. ඒකට ගුරුවරු විශාල පිරිසක් සහභාගි වෙනවා.

ඒ වගේම හෙට (26 දා) මේ ගුරු-විදුහල්පති වැටුප් ගැටලූව ගැන රටේ සමස්ථ පාසල් දරු දැරියන්ගේ දෙමාපියන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරනවා.

ආණ්ඩුව මේ වැටුප් ගැටලූව ලබන අයවැයේදී සම්පූර්ණයෙන්ම විසඳුවේ නැත්නම් මේ අරගලය තවත් තීව‍්‍ර කරනවා. මේ ගැටලූව විසඳන්නේ නැතුව ආණ්ඩුව කල් මරනවා.

ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා. පරිසරය විනාශ කරනවා. බඩු මිල හැම දෙයක්ම ගණන් ඉහළ දැමීමෙන් ආණ්ඩුව ජනතාව තලා පෙළා අසරණ කරලා ඉවරයි.

ආණ්ඩුවේ හොරකම්, වංචා ¥ෂණ එන්න එන්නම වැඩියි. මේ තත්ත්වය තුළ ගුරුවරුන් විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම බලාගෙන ඉන්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව පන්නා දමන්නයි. යනුවෙන්ද සදහන් කළේය.