වතු සේවකයින්ට 1000 නොගෙවන හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

වතු සේවකයින්ට 1000 නොගෙවන හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර
වතු සේවකයින්ට වැඩි කළ රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, එම වැටුප ලබා නොදෙන වතු සමාගම්වල බලධාරීන් සඳහා දඩ මුදලක් හා මාස 06 ක සිර දඬුවම් නියම  කිරීමේ හැකියාව තිබෙන බවයි.
 
පසුගිය 05 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.