ආයුර්වේද උපාධිධාරින් 1005ක් රැකියා නැතිව ගෙදර

ආයුර්වේද උපාධිධාරින් 1005ක් රැකියා නැතිව ගෙදර

අද වනවිට ආයුර්වේද, සිද්ධ, යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 1005 ක ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින අතර මේ වනතුරුත් අදාල බලධාරීන් මෙම රැකියා ගැටලුව විසඳීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් සකසා නොමැති බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය න්වේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින්නේ, වසර ගණනාවක සිට මෙම ගැටලුව පිලිබඳ අදාල බලධාරීන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර දැනුවත්වීම් කලද සාධනීය ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි.

සියලුම උපධිධාරින්ට රැකියා ලබාදීම, දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළු දේශීය දේවල් වලට මුල්තැන ලබාදීම ආදී දේවල් පවසමින් බලයට පත්වූ ආණ්ඩුව අද වනවිට ඒවා අමතක කරදමා ඇති බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිලිබඳ අපගේ විරෝධය පළකිරීමටත් ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ දැනුවත් කිරීමටත් අප බලාපොරොත්තු වන අතර, එහි ආරම්භක පියවරක් වශයෙන්,  නව වෛද්‍ය බඳවාගැනීම් වෙනුවෙන් පාලකයින්ට බලකරන විරෝධතා පෙත්සම අත්සන් කිරීම 2022. 01. 12 වන බොරැල්ල ආයුර්වේද මහරෝහල් පරිශ්‍රයේදී ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.