වතු කම්කරුවන්ටත් වැටුප් වැඩිවීමක් නෑ

nimal-siripala-de-silva
  • වතුවල පවත්නා වත්මන් ක්‍රමය වෙනස් වනතුරු රුපියල් 5000 දීමනාව වතු අංශයේ සේවකයන්ට ලබාදීමට අපහසු බව  වැවිලි සමාගම්  අංශයේ ප්‍රධානිහු  පවසති
  • වතු පාලකයෝ ඇමතිවරයාගේ ඉල්ලීමටත් බැහැ කියති

රුපියල් 5000 දීමනාව වතු සේවකයන්ට  ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මෙරට වතු  අංශයේ  සහ ප්‍රධාන වැවිලි සමාගම් හි නියෝජිතයන් (11) දින  සාකච්ඡාවකට කැඳවා තිබුණි.එම සාකච්ඡාව කම්කරු අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි.

මෙම සාකච්ඡාවේ දි  අදහස් දැක්වූ වැවිලි සමාගම්  නියෝජිතයින් පෙන්වා දුන්නේ,පසුගිය දිනවල  සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම හේතුවෙන් තම සමාගම්වල නිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවය. එසේම ලෝක   වෙළඳපොලේ තේ මිල ඉහළ ගිය ද ගිය ද එහි වාසිය වතු සමාගම්වලට නොව තේ අපනයනය කරනු ලබන අතරමැදි සමාගම්වලට හිමිවන නිසා මෙවැනි විශාල දීමනාවකට යාම තම සමාගම්වලට අපහසු බව ඔවුහු පෙන්වා දුන්හ.  පවතින රසායනික පොහොර භාවිතය අවම කිරීම නිසා තේ දළු නිෂ්පාදනය බරපතළ ලෙස බිඳ වැටී ඇති බව ද ,වතුවල පවතින සේවක හිඟය ද වතුවල තේ  නිෂ්පාදනයට බරපතළ ලෙස බලපා ඇති බව සේවා යෝජක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.එම කරුණු නිසා මේ අවස්ථාවේදී අවස්ථාවේ දී රජය යෝදී රජය යෝජනා කරන රුපියල් 5000 ක දීමනාව වතු කම්කරු ජනතාවට ලබාදීමට වතු සමාගම්වලට නොහැකි බව ඔවුහු අවධාරණය කළහ.

කිසියම් සාධාරණ ප්‍රතිශතයකින් සේවකයන්ට දීමනාවක් ලබා දිය හැකි දැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කළ අතර වතු සමාගම් නියෝජිතයන් කියා සිටියේ එවැනි දෙයක් කිරීමට තරම් වතුවල ආර්ථික ශක්තිය නොමැති බවය. 

වතුවල වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමය වෙනස් කොට නව ක්‍රමයක් තම සමාගම් යෝජනා කරන බවත් එවැනි ක්‍රමයක් තුළින් වතුවල  ආදායම වැඩි කිරීමෙන් පසු වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කළ හැකි බව ඔවුහු පැවසූහ .

වතු සමාගම් පෙන්වා දුන් මෙම කරුණු   අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසීය .

මෙම සාකච්ඡාවට වැවිලි සමාගම් හා වැවිලි ක්ෂේත්‍රයට අදාළ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ද කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූහ.