වැටුප් කොමිෂමේ දේව ආරූඩය බොරුවක් බව ගුරු චක්‍රලේඛය මගින් තහවුරු වෙලා (VIDEO)

  •  අවුරුදු 4ක විශේෂ වෘත්තීමය උපාධියක්, එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවක් තියන  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, උසස්පෙල සමත් කෙනෙකුට තියන වැටුපටත් වඩා අඩු වැටුපක් අද තියෙන්නේ.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කලේ වැටුප් කොමිෂමේ එකගතාවය සහිතව කියලා පැහැදිළිව සදහන් වෙනවා. අපි අහනවා වැටුප් කොමිෂම මෙච්චරකල් ආරූඩ කරගෙන හිටපු දේව වරමට මොකද වුණේ කියලා. ඒ වගේම දැං දන්නේ නෑ වගේ ඉන්න හදන්න එපා. ගුරුවරුන්ට සමාන වැටුප් විෂමතාවයක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට තියනවා. දැං ඒකත් ඉවත් කරන්න.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සිදු කරලා තියන බරපතල විෂමතාවය පිළිබදව පිළිබඳව රජය දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ වැටුප් කොමිෂමට.  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට ඇති කරවලා තියන බරපතල විෂමතාවයට වැටුප් කොමිෂම වග කියන්න ඕනේ. රටේ වැටුප් ක්‍රමය නිවැරදි කරන්න බැරිනම්, හැකියාව නැත්තං පුටු රත් කර කර ඉන්නේ නැතුව ගෙදර යන්න ඕනේ.

හෙට උදේ 7ට අපි අටවෙනි පළාත් වර්ජනයත් ආරම්භ කරනවා. ඒ අනූව හෙට උතුරු මැද සියළු රෝහල් වර්ජනය කරනවා. 19 වෙනිදා බස්නාහිර සියළු රෝහල් වර්ජනයට සූදානම්. ඉන් එහාට අපිට සාමදානයක් නෑ. 

ලබන 25 වෙනිදා සිට අපි දීප ව්‍යාප්ත වර්ජන ආරම්භ කරනවා. රෝගීන් ගැන බොරු අනුකම්පාව පෙන්න්වන්න ඒ වෙනකන් ඉන්න එපා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ගුරු වැටුප් විෂමතාවය විසදන්න බලහත්කාරයෙන් ඔළුව දාන්න ගියා අපිට මතකයි. ඔන්න දැන් ගුරුවරු තමන්ගේ වැඩේ කරගෙන. දැං ලොකුම අසාධාරණය වෙලා තියෙන්නේ හෙද සේවාවට සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට. අවුරුදු 4ක විශේෂ වෘත්තීමය උපාධියක්, එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවක් තියන හෙද නිලධාරියෙකුට, උසස්පෙල සමත් කෙනෙකුට තියන වැටුපටත් වඩා අඩු වැටුපක් අද තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්න බලෙන් විසඳන්න යන්නේ නැතුව, දැන්වත් තමන්ගේ ප්‍රශ්ණය විසඳන්න මහන්සි වෙන්න කියලා අපි උන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ  බලමණ්ඩලය