දිස්ත්‍රික්ක 12කට කාලගුණයෙන් රතු නිවේදන

දිස්ත්‍රික්ක 12කට කාලගුණයෙන් රතු නිවේදන

දීපව්‍යාප්තව බොහෝ ප්‍රදේශවල 07 වෙනි දින සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ

මේ අනුව මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක වර්ෂා පතනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

තවද ගිගුරුම් සහිත වැසි නම් අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

kalaguna