ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙකු වූ ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) හිටපු ප්‍රධාන ලේකම්, කම්කරු නායක බාලා තම්පෝගේ 12 වන ගුණානුස්මරණය 2026 සැප්තැම්බර් මස 01 වන දිනට යෙදී ඇත.
බාලා තම්පෝ ශ්‍රී ලාංකික කම්කරු ජනතාව වෙනුවෙන් තම මුළු ජීවිත කාලයම කැප කළ අතර, 1940 ගණන් වල සිට දශක 07 කට වැඩි කාලයක් සියලුම ජන කොටස් වල මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ප්‍රමුඛ පෙළේ නායකයෙකු විය. ඔහු 2014 දී අභාවප්‍රාප්ත විය.
2026 සැප්තැම්බර් මස 01 වන දින ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ගුණානුස්මරණ උත්සවයේදී, කම්කරු අයිතිවාසිකම්, මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ඔහුගේ කාර්යයන් ආවරණය කරන ග්‍රන්ථයක් එළිදැක්වීමට නියමිතය.

